හණ මිටිය විසිවේ


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් වල දී පියාසර උපදෙස් සඳහා ගුවන් නියමුවන් මෙතෙක් රැගෙන ගිය කිලෝ 84ක් බර අත්පොත් කට්ටලය වෙනුවට එම තොරතුරු ඇතුළත් අයිපෑඩ් විද්‍යුත් පියාසර මෙවලමක් හඳුන්වා දෙයි. එහි බර ග්රෑම් 586කි.  මෙම ඉලෙක්ට්‍රොනික් අයිපෑඩය යූ.එල්. 205 ගුවන් යානයේ නියමුවන් බදාදා මස්කට් බලා පියාසර කරද්දී මුලින්ම පාවිච්චි කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා කියයි. මෙහෙයුම් පටිපාටි, කාර්‍ය සාදන සටහන්, සිතියම්, පියාසර උපදෙස්, සන්නිවේදන හා හදිසි අවස්ථා ක්‍රියාපටිපාටි අන්තරායකාරී භාණ්ඩ හා ගුවන් ගමන් සුරක්ෂිතතාව ආදි සියල්ල එහි ඇත. අයිපෑඩ් පරිහරණය සඳහා නියාමන අධිකාරිය ලැබූ ආසියාවේ පළමු ගුවන් සේවය ශ්‍රී ලංකන් බව ද වික්‍රමසිංහ මහතා කියයි.