හජ්ජියාර් කකුළු වෙස් ගෙන දස ලක්‍ෂයකට අරී
හජ්ජියාර් කෙනකු බව පෙන්වමින් දෙමටගොඩ පවුල් 25කින් පමණ රන් අබරණ ඇපයට තැබූ රුපියල් දස ලක්‍ෂයක් පමණ වංචා කළැයි කියන මීගමුවේ බී. හම්සා නමැත්තෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් යළි රිමාන්ඞ් කරනු ලැබීය.
පොලියට උගස් කිරීම මුස්ලිම්වරුවන්ට අකැප බව කියා ඇති ඔහු එම පිරිසගේ රන් බඩු තම භාරයට ගෙන මුදල් දී ඇතැයිද පසුව ඔහු ඒවා උගස් කර වැඩි මුදලක් ගෙන ඇතැයිද අනතුරුව දොමටගොඩින් මීගමුවට පැන ගොස් ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.

