හජ්ජි කමිටුවේ දෙන්නෙක් උසාවි යති


හජ්ජි වන්දනා කටයුතු සම්බන්ධයෙන් හජ්ජි කමිටුවේ සම සභාපතිවරුන්ගේ තීරණ සහ නියමයන්ට අනුව කටයුතු කරන ලෙස ආගමික හා සංස්කෘතික  කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ඒ.එම්. නවාවි මහතාට නියෝග කරන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා කොළඹ දිසා අධිකරණයේ අද (2) පැමිණිල්ලක් ගොනු කළේය. එම කමිටුවේ සම සභාපතිවරුන් ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට සහ තමාට හජ්ජි වන්දනාකරුවන් පිලිබඳව සොයා බැලීමට අයිතිය ඇතත් අධ්‍යක්‍ෂ නවාවි එය නොසලකතියි පැමිණිලෙන් කියයි.