හගුරන්කෙත අයවැය පරදී


හගුරන්කෙත ප්‍රාදේශිය සභාවේ  අයවැය දෙවැනිවර වැඩි ඡන්ද පහකින් පරාජයට පත් විය.

පක්ෂව ඡන්ද අටක් ද  විපක්ෂව  ඡන්ද 13 ක්ද  ලැබිණි.

සභාපති ඩී එන් රණසිංහ බණ්ඩා (එජනිස) මන්ත්‍රීවරු  හය දෙනෙක් ද ස්වාධින මන්ත්‍රී ආසිරි අත්තනායක  මහතාද ඡන්දය දුන්හ.

විපක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මන්ත්‍රීවරු  හත් දෙනෙක් ද එක්සත් ජාතික පක්ෂයේ  අට දෙනා සහ  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දුන්හ.