(ඩී.කේ.රත්න)
දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතාමත්ම ප‍්‍රචලිත හග්ගල උද්භිද උද්‍යානය සංචාරකයින්ගේ පහසුව සඳහා රුපියල් ලක්ෂ අසූවක වියදමකින් මේ වන විට පුළුල් කර සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි හග්ගල උද්භිද උද්‍යානයේ බාරකරු ඩොනිල් කුලරත්න මහතා පවසයි.
හග්ගල උද්භිද උද්‍යානය ශ‍්‍රී ලංකාවේ පිහිටි දර්ශනීය උද්භිද උද්‍යානයක් වීමත් මෙම උද්භිද උද්‍යානය අවට දැඩි සංවේදී පරිසර පද්ධතියක් පිහිටා තිබීමත් නිසා දෙස් විදෙස් සංචාරකයින් හග්ගල උද්භිද උද්‍යානය නැරඹීම සඳහා වාර්ෂිකව විශාල පිරිසක් පැමිණෙති.
මෙසේ පැමිණෙන සංචාරකයින්ගේ පහසුව පිණිස මෙම උද්භිද උද්‍යානය සංවර්ධන කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන අතර මේ යටතේ තවත් අක්කර දෙකක භූමි ප‍්‍රදේශයක් සංවර්ධනය කිරීමට නියමිතය.
මෙම හග්ගල උද්භිද උද්‍යානය නැරඹීමට විදේශීය රටවලින් පැමිණෙන සංචාරකයින් සුවද රෝස නැරඹීම සහ ඒවායේ සුවද බැලීමට වැඩි කැමැත්තක් දක්වන නිසා අපි වෙනම සුවද රෝස උයනක්ද නිර්මාණය කරනවා. රෝස පැල අට දහසක් අළුතින් රෝපණය කරනවා.
මේ කොටස් දෙකේ මේ යටතේ විශේෂයෙන්ම අපි රෝස උයන් දෙකක් සාදන්න බලාපොරොත්තු වෙනවා. තවද අපි අළුතින් ඬේලියා කොටසක් මෙම උද්‍යානයට එකතු කරනවා. මේ සියළු කටයුතු අපි මේ වර්ෂය අවසන් වන විට නිම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.
ලබන වර්ෂයේදී උද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් හට මෙම උද්‍යානයට අළුතින් එකතු කළ රෝස උයන් ඇතුළු විවිධ අලංකාර දර්ශනීය පොකුණු ඇතුළු කොටස් රැසක් නැරඹීමට හැකියාව ලැබෙනවා යයි හග්ගල උද්භිද උද්‍යානයේ උද්‍යාන භාරකරු ඩොනිල් කුලරත්න මහතා පැවසීය.