සෞදියේ කසිප්පු පෙරද්දී මැරේ


සෞදි අරාබියේ අල් කොබාර් සෞදි නිවෙස්හි ගෘහ රියදුරන් ලෙස පැමිණී හෝමාගම කිරිවත්තුඩුවේ දෙදෙනකු ගෑස් කාන්දුවකින් මියගිය බව සෞදි පොලිසිය කියයි. මෙම මරණ පිළිබඳව රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියනුයේ මෙම දෙදෙනා මියගිය ආාකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් නැති බවය. එසේ වුවද මෙම දෙදෙනා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලද භාණ්ඩයකින් එක්තරා විෂ වායුවක් කාන්දුවීම නිසා හුස්ම හිරවීමකන් මරණයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව එම තානාපති කාර්යාල ආරංචි කියයි. පශ්චාත් මරණ පරීක්‍ෂණය හා පොලිස් වාර්තාව තානාපති කාර්යාලයට ලැබී නැත. මළ සිරුරු ශ්‍රී ලංකාවට එවීමටද නියමිතය.