සෞදියේ අවතැන්වුවෝ කනකට නොගනිති


 සෞදි අරාබියේ  රියාද්  පිහිටි  ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයයත් කොළඹ  ශ්‍රී ලංකා විදේශ සේවා  කාර්යාංශයත්  කොතරම් ඉල්ලීම් කළද  තව තවත් විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක්  අවතැන්ව සෞදි අරාබියේ රැදී සිටින බව  තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

තවත් මසකින් නිමාවට පත් වන  සෞදි අරාබියේ අනවසර සංක්‍රමික්‍රයින් හට ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමීව මේ වන විටත් දස ලක්ෂ සංඛ්‍යාතයක්  තම මව් රටවල් වෙත ගොස් ඇති අතර  අවම වශයෙන්  අවතැන් වු  ශ්‍රී ලාංකිකයින්  දොළොස් දහසක් පමණ මව් බිමට පිටව ගොස් ඇතැයි  රියාද් තානාපති කාර්යාලයයේ  අමාත්‍ය උපදේශක  අනුර මුතුමාල මහතා පවසයි.

කෙසේ වුවද තවමත්  දිනපතා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මව් බිමට යාමට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ  ප්‍රමාණයෙහි  අඩුවක් පෙන්නුම් කළද සැළැකිය යුතු  ප්‍රමාණයක් මව් බිමට යාම සදහා  තාවකාලික හැදුනුම්පත්  අයදුම් කරන බවද පවසයි.

ඔක්තෝබර් 04 වැනිදා  නැගෙනහිර පළාත තානාපති ජංගම සේවාව වෙතද හැත්තෑපස් දෙනකුට අධික ශ්‍රී ලාංකික කාන්තාවන්  හා පුරුෂයින්  තාවකාලික බලපත්‍ර ලබාගෙන මව් බිමට යාම සදහා  පැමිණ සිටි අතර ස්ථාන මාරු කිරීමේ  ඇතුළු අනෙකුත් කම්කරු ගැටලු විසදා ගැනීම සදහා 300 කට අධික පිරිසක්  එම ස්ථානයට පැමිණ සිටීම විශේෂ කරුණක් විය.

මේ අතර රියාද් ශ්‍රී ලංකා තානිපති  කාර්යාලයයේ  බලධාරීන් පැවසුයේ  ඇගිලි සලකුණක් හෝ මොනයම් සටහනක්  සෞදි ආගමන හා විගමන  කාර්යාලයයේ  පර්යන්තයක දත්ත ගබඩාවේ  සටහන් නොවීමේ හේතුවක් මත  රියාද් කලාපයේ  නවසීයකට අධීක පිරිසක්ද ජෙඩා කලාපයේ  එක්දහස් තුන්සීයක් පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් පොදු සමා කාලය යටතේ  ශ්‍රී ලංකාවට යාමට  නොහැකිව සිටින බව  වාර්තා වී ඇත.

 ඒම පිරිස් පිළිබදව ශ්‍රී ලංකා තානාපති  බලධාරීන් මේ වන විටත්  අදාළ සෞදි බලධාරීන්  සමග සාකච්ඡා කරමින්  සිටින අතර ඉදිරි කාලය තුලදී මේ පිරිස ශ්‍රී ලංකාවට යැවීම පිළිබදව සෞදි රජයේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවද පවසයි.

වැඩි දුරටත් තානාපති බලධාරීන්  පසා සිටියේ නැවත දැනුම් දෙන තුරු  සෞදි අරාබියට පැමිණෙන විට ගුවන්තොටුපොළේදී පමණක් නොව අනෙකුත් කිසිම ස්ථානයකදී අගිලි සලකුණු ලබා ද නොමැති  අවතැන් වු කිසිවකුත්  තානාපති කාර්යාලවෙත වාර්තා නොකරන ලෙසයි.

කෙසේ වුවද  මෙවැනි  ඇගිලි සලකුණු ලබා දී නොමැති කිසිවකුත් පොදු සමාකාලයට සමගාමීව මව් රටට යාමට නොහැකි වුවද සාමාන්‍ය නීතීය යටතේ පිටුවහල් කිරීමේ ක්‍රමවේදය අනුව අවස්ථාවක් ලබා දීමට තානාපති කාර්යාලයයේ උපරිම  වශයෙන් උනන්දු වන  බවද තානාපති කාර්යාලීය බලධාරීන් පවසයි.

මේ අතර සෞදි අරාබියේ  සියළුම  ශ්‍රී ලාංකික තිනාපති අංශ සහ කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති  කාර්යාංශයත් අවධාරණය කරන්නේ ලබා දී ඇති පොදු සමා කාලය  නොවැම්බර් මස හතර වැනි දිනට අවසන් කිරීමට  නියමිතව ඇති බැවින්  තව දුරටත් සෞදි අරාබියේ  නීතී විරෝධීව රැදී සිටින  ශ්‍රී ලාංකික පුරවැසියන් ඇතිනම් අවම වශයෙන්  එක්තෝබර් 15 වැනිදාට පෙර  රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත වාර්තා කර  මව්බිමට යාමට සුදුසුකම් පරික්ෂා කර හැකි ඉක්මනින් මෙරට්න් නික්ම යාන ලෙසයි.

එසේ නොවුවහොත් නොවැම්බර් 4 වැනි දිනෙන්  පසු සෞදි රජය විසින් ගනු ලබන ඕනෑම තීරණයකට හිස නැමිය යුතු බවද ප්‍රකාශ කරයි.