සෞදියෙන් 65ක් පිටුවහල්


සෞදි වාස නීති කඩකළැයි චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෝ 65 දෙනෙක් සෞදි අරාබියෙන් ශ්‍රි ලංකාවට නෙරපා හරිනු ලැබූහ. නියමිත නිවසේ හැර වෙනත් ස්ථානවල රැකියා කිරීම හා වෙනත් වැරදි සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගවට ගත් බව ඇරැබ් නිවුස් පුවත් සේවය කියයි. සෞදි අරාබියට යන බොහෝ දෙනා ළමයින බලා ගැනීම හා ගෘහ පාලනය ගැන මනා පුහුණුවක් නොලැබූ අය බව සෞදි හාම්පුතෙක් ඇරැබි පුවත් සේවයට පවසා ඇත.