සෞදි අරාබි රජය විසින් අනවසරික විදේශිකයින් සදහා ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමිව පිටවීමේ විසා ලබා ගැනීම සදහා විවිධ ප්‍රදේශ වලින් දමාම් නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයයට පැමිණ විවිධ දුෂ්කරතා මාධ්‍යයයේ රැදී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ආහාර පාන ලබා දීමට නැගෙනහිර කලාප ශ්‍රී ලංකා විදේශගත වුවන්ගේ සංගමය කටයුතු කළේය.මේ සමා කාළය ජුලී 03 වැනිදා අවසන් වේ.
සෞදි අරාබියේ ජෙඩා කලාපයේ සිට දමාම් ආගමන විගමන කාර්යාලයය වෙත බලධාරින් විසින් එවන ලද ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 508 ක් බවට තානාපති ආරංචි මාර්ග සදහන් කරන අතර මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇත්තේ දමාම් ප්‍රදේශවල ආයතන වීම හේතුවෙන් පිටවීමේ වීසා පත් ජෙඩා කලාපයෙන් ලබා නොදෙන බව මෙහි පැමිණි පිරිස සදහන් කරයි.
කෙසේ වුවද දැනට දින දහයකට අධික කාලයක් අධි දුෂ්කරතා මධ්‍යයයේ අවට ප්‍රදේශ වල හිස් භූමියක රැදි සිටින මෙම පිරිස ආහාර පාන හා අනිකුත් අවශ්‍යතා හිඟයකට මුහුණ පා සිටිති.දැනට දින කිහිපයකට සිට සහෝදර ශ්‍රී ලාංකික දුත පිරිස විසින් මෙම පිරිසට ආහාර පාන ලබාදිම සතුටට කරුණකි.
නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා විදේශගතවුවන්ගේ සංගමයේ ඒකාබද්ධ අරමුදලෙන් රාත්‍රී ආහාර හා පානිය ජලය ශ්‍රී ලාංකිකයින් 350 දෙනකුට පමණ පරිත්‍යාග කළ අතර දමාම් හා අවට ප්‍රදේශයන්හි ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් විදේශ ගතවුවන්ගේ සංගමයට සහය ලබා දුන්හ.