සෞදි වෙසක් සතියක් පුරා


මෙවර වෙසක් උත්සවය උත්කර්ශවත් ලෙස සැමරීමට සෞදි අරාබියේ රියාද් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෝ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය හා එක් වූහ.  විදේශ ගතවුවන්ගේ සංගමය සහ බෞද්ධ එකමුතුවේ සංවිධානයෙන් වෙසක් පොහෝදින සිට සතියක් පුරා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේය. බත් සහ සිසිල් පැන් දන්සැල්, ලේ දන්දීමේ වැඩසටහන්,  ධර්ම දේශනා, වෙසක් නාට්‍ය, වෙසක් තොරණ, වෙසක් කූඩු තරග ඇතුළු වැඩසටහන් ගණනාවක් මේ අතර විය. වෙසක් සිල් වැඩ සටහන අද (11) ඇරැඹීණි. දාහත් වැනි වතාවට පැවැත්වෙන මෙම වෙසක් පින්කම සාර්ථක කර ගැනීමට බෞද්ධ අබෞද්ධ විශාල පිරිසක් එකමුතුව සහයෝගය දුන් බව බෞද්ධ එකමුතුවේ සංජය ප්‍රසංග වික්‍රමආරච්චි මහතා කියයි.