සෞදි වීසා පෝලිමට උදව් ඉල්ලයි


සෞදි අරාබියේ  නැගෙනහිර කළාපයේ  නයින්ටි වන්  ප්‍රදේශයේ  ආගමන විගමන  කාර්යාලය අවට රැදි සිටිමින්  පිටවීමේ  වීසා බලාපොරොත්තුවෙන්  සිටින ශ්‍රී ලාංකිකයින්  350 ක් කට දිවා ආහාර  රාත්‍රී ආහාර හා ජලය අවශ්‍ය වී ඇතැයි සෞදි ආරංචි මාර්ග පවසයි.

 නැගෙනහිර පලාතේ වෙසෙන ශ්‍රි ලාංකික  සංවිධාන  සහ විවිධ දානපතියන්  දින ගණනාවක්  ආහාර හා පානීය ජලය  ලබා දුන්නද  තවමත් සැළැකිය යුතු කාලයක්  මෙම පිරිස වෙනුවෙන්  යම් කිසි  කැප කිරීමක්  සිදු කළ  යුතු බව පොදු මතයයි.

 මෙම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දිනකට එක් වේලක් හෝ පානීය ජලය හා ආහාර ලබා දීමට ඉදිරිපත් වීමට හැකි ආයතන වෙතොත්  මේ දුරකථනයෙන් වැඩි විස්තර ලබා  ගත හැකියි.00966538604460