සෞදි පොදු සමාව දික් කරයි


සෞදි අරාබියේ අවතැන්වු හෝ අනවසර විදේශිකයින්  සදහා ලබා දී ඇති  පොදු සමා කාලය  නොවැම්බර්  03 වැනිදා තෙක් දිර්ඝ කළ බව  සෞදි ආරංචි මාර්ග පවසයි.

විවිධ ප්‍රදේශ වලින් ආගමන විගමන කාර්යාලයයට පැමිණ විවිධ දුෂ්කරතා මධ්‍යයයේ  රැදී සිටින  ශ්‍රී ලාංකිකයින්ගේ පහසුව වෙනුවෙන් පිටවීමේ විසා පත් ලබා ගැනීම සදහා කාලය මෙසේ දිර්ඝ  කැර ඇති බවද  එම ආරංචි මාර්ග  කියයි.