සෞදි අරාබියට සේවයට ගොස් දැනට පිටවීමේ වීසා බලාපොරොත්තුවෙන් නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයය අවට රැදී සිටින ශ්‍රී ලාංකිකයෙක් හදිසි හෘදයා බාධයකින් මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි කියයි. නුවරඑළිය රාගල පදිංචිව සිටි ජී.ජී. සුගතපාල (59) නැමති අයකු බවත් ඔහුගේ සිරුර දමාම් මහා රෝහලේ තැන්පත් කර ඇති බවත් දැන ගන්නට ඇත.
එසේ පිටවීමේ විසා බලාපොරොත්තුවෙන් තවත් විශාල පිරිසක් සති තුනක පමණ සිටි දැඩි අවු රශ්මිය මධ්‍යයේ නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයය අවට ප්‍රදේශවල රඳී සිටිති. ඔවුන්ගේ සුව දුක් සොයා බැලීම සඳහා රියාද් තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ඊයේ එහි ගියහ.
එහි දී එම පිරිස එක් හඬින් එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තමන් හැකි ඉක්මණින් මවුබිමට යවන ලෙසයි.
තානාපති කාර්යාලයේ අමාත්‍ය සිරිපාල ගම්මන්පිල මහතා සහ අමාත්‍ය උපදේශක පවසා අනුර මුතුමාල මහත්වරුන් පවසා ඇත්තේ හැකි ඉක්මණින් තමන් ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් එම කටයුතු සඳහා සිවිල් පුද්ගලයන් දෙදෙනකු සේවය ලබා දී ඇති බවත් ඔවුන් දිවා රාත්‍රී නොබලා කටයුතු කරන බවත්ය. ඒ සඳහා ආගමන විගමන නිලධාරීන් සමග සකච්ඡා කරන බව ද පැවැසීය.
දෙසතියකට වරක් පැවැත්වෙන තානාපති ජංගම සේවාවට සහභාගී වීමෙන් අනතුරුව මෙම පිරිස, 91 වත්තේ රැදී සිටින එම පිරිස බැලීමට එහි ගියහ. ඊයෙ දින ද තානාපති සේවාව ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයෝ 200ක් පමණ එහි පැමිණ සිටියහ.