සෞදි අරාබියේ අසු තුන් වැනි ජාතික දිනය සැමරීමට සෞදි අරාබි රජය සියලු කටයුතු සුදානම් කැර ඇතැයි සෞදි මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබියේ මං මාවත් ඇතුළු සියලු ස්ථාන මේ වන විටත් සෞදි ජාතික ධජ වලින් අලංකාර කැර ඇත. ගම් දනව් නගර විදුලි බුබුළු වලින් අලංකාර කැර ඇත.
අසුතුන් වැනි ජාතික දිනය සැමැරීම සඳහා රියාද් නගරය කේන්ද්‍ර කර ගනිමින් විවිධ සංස්කෘතික වැඩසටහන් අද රාත්‍රී 9 සිට රියාද් කිං පහාද් ජාත්‍යන්තර ක්‍රිඩාංගනය ,සුල්තාන් විශ්ව විද්‍යාලය,අබ්දුල් අසීස්,මහාක් උද්‍යානය හා බටහිර රියාද් පැද්දෙන පාලම යන ස්ථාන වලදී දේදුණු වර්ණ වලින් අහස් මල් වෙඩි ප්‍රසංග නැරැඹීම සඳහා දෙස් විදෙස් සියලු ජාතීන්ට ආරාධනා කර සිටින බවද සෞදි රජය කියයි.
මේ අතර සෞදි අරාබියේ ජාතික දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතා ප්‍රකාශ කැර සිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජය වෙනුවෙන් සෞදි අරාබියේ දේවස්ථාන දෙකේ භාරකරු අබ්දුල්ලා බීන් අබ්දුල්ලා අසීස් අල් සවුද් රජතුමා හා අරාබි ජනතාවට තම රටේ අශිර්වාදය හා සුභාශීශනය පිරි නමන බවයි.
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් යන මහත්වරුද සුභ පැතුම් පණිවුඩ දෙකක් දේවස්ථානය වෙත යවා ඇත.