සෞදි ගිහින් හිස් අතින් එති


සෞදි අරාබියේ රැකියාවට ගොස් හාම්පුතුන්ගේ හිරිහැර හා වද හිංසාවට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 130 දෙනෙක් සෞදි රජයේ හා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අනුග්‍රහයෙන් අද යළි සිය රට ආහ. ඔවුන් බොහෝ දෙනකුට වැටුප් ලැබී නැත.