(ප්‍රින්ස් රත්නායක)
ගෘහ සේවිකාවක් වශයෙන් සෞදි අරාබියට ගොස් දැනට සුරක්ෂා නිවාසයේ රැඳී සිටින ඥානප‍්‍රකාශම් නිශාන්තිනීට හිමි හිඟ වැටුප වන සෞදි රියාල් 123400 ක් (රුපියල් 4,936,000) ක් ලබාදීමට එරට කම්කරු අමාත්‍යංශය කටයුතු කොට තිබේ.
ව්‍යාජ තොරතුරු සපයමින් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව, වසර අවුරුදු 14දී, එනම් 2000 වසරේදී සෞදි අරාබියේ රැකියාවට ගිය ඇය වසර 15ක්ම එකම නිවසක සේවය කර ඇති අතර ඇයට එම වසර 15ටම වැටුප් ලබා දී නොමැත.
ඇය 2015 වර්ෂයේදී සෞදි තානාපති කාර්යාලයේ කාන්තා සුභසාධන මධ්‍යස්ථානයට ගොස් ඇති අතර, මේ පිළිබඳව තොරතුරු දැනගත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සෞදි තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්න මහතාට ලබාදුන් උපදෙස් මත කි‍්‍රයාත්මක වී සෞදියේ කම්කරු අමාත්‍යංශයට මේ පිලිබඳව පැමිණිලි කරන ලදී. ඒ අනුව ඇයට හිමි හිඟ වැටුප ලෙස සෞදි රියාල් 123400 ක් ලබාදීමට කටයුතු කොට තිබේ. මෙම මුදල ඉතිහාසයේ ගෘහ සේවිකාවකට ලබාදුන් ඉහළම හිඟ වැටුප් ප‍්‍රමාණය වන අතර, ඇය සේවය කළ නිවසේ හිමිකරුට එරෙහිව එරට රජය විසින් මේ වන විට නීතිමය කි‍්‍රයාමාර්ග ගෙන තිබේ.
මේ වන විට ඥානප‍්‍රකාශම් නිශාන්තිනි මෙනවිය සෞදි තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටින අතර, අමාත්‍යවරියගේ උපදෙස් පරිදි ඇය හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කෙරෙමින් පවතී.


