සෞදි අරාබියේ සේවය කරන රියදුරන් හා ගෘහ සේවක සේවිකාවන් සහ හාම්පුතුන් අතර අන්‍යෝන්‍ය බැඳීම වර්දනය කිරීම සහ දෙපාර්ශවය අතර අනිසි ගැටුම් වැළක්වීමේ අරමුණෙන් සෞදි රජය විසින් ගෙන එනලද නව රෙගුලාසි පිලිබදව මානව හිමිකම් කොමිසම සහ විදේශ රැකියා ආයතන සතුට පළකරන බව එරට පුවත්පත් සඳහන් කරයි.
නව රෙගුලාසි අනුව ගෘහ සේවක සේවිකාවන් හට මාසය අවසානයේදී නියමිත වැටුප අනිවාර්යයෙන්ම ගෙවිය යුතු අතරම දිනපතා පය 9 ක විවේක කාලයක් ලබාදිය යුතුය.
සෑම සතියකටම එක් දිනක් නිවාඩු ලබාදිය යුතුය,මෙම නීතිය උල්ලංගනය කරන හාම්පුතුන් සදහා සෞදි රියාල් 2000 සිට 5000 ක (රුපියල් 31623.8 - 79059.5) දඩ නව නීතිය අනුව අයකර හැකි බවද පවසයි.
කෙසේ වුවද මානව හිමිකම් කොමිසමේ සහ විදේශ රැකියා ආයතන ප්‍රධානීන් පැවසුවේ අපරාද ,අඩම්තේට්ටම් සහ විවිධ හිංසන ක්‍රියා නතර කිරීමට මෙන්ම සුහදත්වය වර්දනය කිරීමට දෙපාර්ශවයම වගකීමින් තම රාජකාරිය නිසිලෙස ඉටුකළ යුතුබවයි.
නමක් සදහන් නොකළ නිලධරයකු පුවත්පතට පැවසුවේ මෙම නව නීතිය මගින් ගෘහසේවක සේවිකාවන් අපරාධ වලට සම්බන්ධ වීම අවම කළ හැකි බවයි.
මේ අතර කම්කරු අමාත්‍යංශ නිලධරයකුපැවසුවේ ඉතා ඉක්මනින් ගෘහසේවක සේවිකාවන් පිළිබද රැකියා පරිගණක ගතකරන බවයි.

