සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්


(අජන්ත කුමාර අගලකඩ)

සෞඛ්‍ය  හා  දේශීය වෛද්‍ය  අමාත්‍යාංශයේ නව ලේකම්වරයා  ලෙස ජනක සුගතදාස මහතා , ජනාධිපති විසින් අද (17) පත් කරනු ලැබීය.

ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වේ. සුගතදාස මහතා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.