( +++ ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන භද්‍රානි ජයවර්ධන මහත්මිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස පත්කරනු ලැබ සිටී.
ඇය හෙට (1) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.
ඇය 2008 සිට 2015 දක්වා කොළඹ නාගරික කොමසාරිස් ධුරය හෙබවූ අතර 2015 ජනපතිවරණයෙන් පසුව චෝදනා 4ක් යටතේ එම තනතුරෙන් ඉවත් කරනු ලැබුවාය.
පසුව ඇය බස්නාහිර ප්‍රධාන ලේකම් කාර්යාලයට අනුයුක්තව පැමිණීමේ ලේඛනය අත්සන් කිරීමට පමණක් යොමුකරනු ලැබ සිටියාය.
පසුව වසර 5ක් තිස්සේ පැවති විනය පරික්ෂණයෙන්ද ඇයට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට හැකි වී නැත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 26ක කාලයක් සපුරා ඇති ඇය අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

