(අංජුල මහික වීරරත්න)
ගර්භනී හා අවුරුද්දට අඩු ළමයින් සිටින රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම නොකරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම් චක්‍ර චක්‍රලේඛයක් නිකුත් කර තිබියදීත් සෞඛ්‍ය සේවකයින් අදාළ චක්‍රලේඛය කඩමින් සේවයට කැඳවා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ .
ගර්භනී සහ අවුරුද්දට අඩු දරුවන් සිටින සෞඛ්‍ය සේවකයන් මෙලෙස සේවයට කැඳවා ඔවුනට අනතුරක් වුවහොත් එහි සම්පූර්ණ වගකීම අදාල චක්‍රලේඛය කඩ කරන නිලධාරීන් භාරගත යුතු බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
සමහර රෝහල් වල ප්‍රධානීන් අදාළ නිවාඩු අනුමත නොකරන බවට තම සංගමයට පැමිණිලි ලැබී ඇති බව පවසන රත්නප්‍රිය මහතා මෙය දැඩි ගැටලුකාරී තත්ත්වයක් බවද සඳහන් කරයි .

