සෞඛ්‍ය උපදෙස්වලට අනුව ජීවත්වීම අනිවාර්යයි


(චමිල් රූපසිංහ)

මෙම කොරෝනා වසංගත අවස්ථාවේ සියලු ජනතාව රජයේ නිති හා සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනුව ජිවත් විය යුතුයි. කිසියම් කෙනකු මිය ගිය පසු ඒ අඩුව කිසිවකුට පිරිමැසිය නොහැකි බවත් අවශ්‍ය වන්නේ කොරෝනා අවදානමෙන් මිදිමට සියලු දෙනා එක්ව කටයුතු කිරිම බව  ආදිවාසිනායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන් මෙසේ පැවැසුවේ  මියගිය  හීන්මැණිකා  මාතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා පේරාදෙණිය රෝහලට පැමිණි අවස්ථාවේදිය. 

හීන්මැණික මහත්මියගේ බාර ගැනීමට වැදිනායක ඌරුවරිගේ වන්නයලෑ ඇත්තෝ පේරාදෙණිය ශික්ෂණ රෝහලට පැමිණි අතර දේහය පිළිබඳ අවසන් කටයුුතු කොවිඩ් නීතිරීතී වලට අනුකූලව මයියංගනය පොදු සුසාන භුමියේ ඇති අදාහනාගාරයේදී අද හෙට පස්වරුවේ සිදු කිරීමට කටයුතු කරණු ලබන බව ශ්‍රී ලංකාවේ ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පැවසිය.

දක්වා හීන්මැණිකා මාතාව පේරාදෙනිය රෝහලේ ප්‍රථිකාර ගන්නා අවස්ථාවේ ඇයට උපස්ථාන කළ හින් මැනිකා මාතාවට උපස්ථාන කල හින් මැණිකා මාතාවගේ නැගනිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ගන්නා හෙයින් ආදිවාසිනායකයා ඇගේ සුවදුක් බැලිමටද ගියේය.