(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ,නිසි පරිදි පිළි නොපදිමින් බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස් රථවල, මාර්ග බලපත්‍රය අහෝසි කිරිමට පියවර ගන්නා බව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසිය.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ,බැස්ටියන් මාවත, බොරැල්ල, රත්මලාන, කළුතර ,හෝමාගම ,ගම්පහ සහ ජා-ඇල යන ප්‍රාදේශීය කාර්යාල වලට අනුයුක්තව සේවය කරන මාර්ග පරීක්ෂක නිලධාරීන් යොදවා පරීක්ෂණ පවත්වන බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.
එසේම ප්‍රාදේශීය කළමනාකරුවන්, ස්ථාන භාර නිලධාරීන් ,වේලා සටහන් නිලධාරීන් දැනුවත් කර ඒ හරහා පෞද්ගලික බස් රථ හිමියන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව සෑම බස් පර්යන්තයක්ම මේ වන විට විෂබීජහරණයට ලක්කර ඇති අතර පෞද්ගලික බස් රථ ද විෂබීජහරණයට ලක් කර ඇති බවත් දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවත් සභාපති ප්‍රසන්න සංජය මහතා පැවසීය.
එසේම කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් වලට අනුව බස් රථයේ රියැදුරුට හා කොන්දොස්තරට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර බස් රථයේ ගමන් ගන්නා මගීන් ද මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙලෙස ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පෞද්ගලික බස් බස්රථ හිමියන් සහ මගීන් අනිවාර්‍යයෙන්ම පිළිපැදිය යුතු අතර මෙම උපදෙස් පැහැර හරින යම් බස් රථයක් වෙතොත් ඊට ලබා දී ඇති මාර්ග බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවද සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

