(විනීතා එම් ගමගේ)
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තියවේදි අංශ 13 ක් සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට ලබන මස පළමුවැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ (Online) අයදුම්පත් කැඳවීමට නියමිතය.
හෙද අතුරු වෛද්‍ය හා පරිපූරක සේවා අංශ 13 ක් සඳහා මෙම අයදුම්පත් කැඳවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මානව සම්පත් සංවර්ධන අංශ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය ආචාර්ය දිලිප් සිල්වා මහතා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අද (16) පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවන පළමු වතාව මෙය බවත් මෙහි දී අනුගමනය කරන්නේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විශ්ව විද්‍යාලවලට සිසුන් ගැනීම සඳහා අයදුම්පත් කැඳවන ක‍්‍රමවේදයම බවත් හෙතෙම කියා සිටියේය.
මොරටුව විශ්ව විද්‍යාලයෙන් සකස් කළ මෙම අයදුම්පත් කැඳවීමේ ක‍්‍රමවේදය අනුව විභාග දෙපාර්තමේන්තුව ද සම්බන්ධ වන බව ආචාර්ය දිලිප් සිල්වා පැවසීය.
ලබන මස පළමුවැනිදා සිට 21 වැනිදා දක්වා අයදුම්පත් කැඳවන අතර අන්තර්ජාලය ඔස්සේ එවනු ලබන අයදුම්පතේ මුද්‍රිත පිටපතක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත 21 වැනිදා ට පෙර එවිය යුතුය.
මේ සඳහා වන ගැසට් නිවේදනය ලබන සිකුරාදා පිටවීමට නියමිතය. එහි අයදුම්පත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk වෙබ් අඩවියේ පළ වන අතර මේ වනවිටත් ඒ පිළිබඳ විස්තර එම වෙබ් අඩවියේ ඇතුළත් කර ඇත.
අපොස උසස් පෙළ, අපොස සාමාන්‍ය පෙළ හා ඉසෙඞ් අගය අනුව සුදුසුකම් ලබන අභ්‍යාස ලාභින් ලැයිස්තුගත කරන අතර තෝරා ගැනීම ඉසෙඞ් අගය හා දිස්ත‍්‍රික් පදනම මත සිදුකෙරෙනු ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමේ දී තමන්ගේ කැමැත්ත අනුව අනුපිළිවෙලට අංශ කිහිපයක් සඳහා එම අයදුම්පතේම අයදුම්කළ හැකි වීමයි. එක් අයදුම්පතක් සඳහා රුපියල් 500 ක් සේවා ගාස්තු ලෙස අයකෙරෙනු ඇත.
යම් අපේක්ෂකයෙකුට අන්තර්ජාල පහසුකම් සපයා ගැනීමට නොහැකි ප‍්‍රශ්නයක් වේනම් ඒ සඳහා උපකාර කිරීම සඳහා ලබන පළමු වැනිදා සිටි දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවල නිලධාරින් දෙදෙනෙක් ඒ සඳහා රඳවනු ලබන බවද ආචාර්ය දිලිප් සිල්වා මහතා කීය.