(ඉන්දිකා රාමනායක)
සයිටම් විරෝධතා පාගමනේ නිරත වු විශ්ව විද්‍යාල සිසුන් ඊයේ (22) සවස බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරීශ‍්‍රයට ඇතුළු වී රජයේ දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.
කොළඹ ප‍්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු කීවේය.
අමාත්‍යංශයේ හානි වු දේපළ සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබා ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පටිගත කර ඇති ආවේක්ෂණ කැමරා දර්ශන, ඡායාරූප, සහ අනිකුත් සාක්කි උපයෝගි කරගෙන මෙම නීති විරෝධී කි‍්‍රයාවේ නිරත පිරිස අත්අඩංගුවට ගෙන තරාතිරම නොබලා ඔවුන්ට නීතිය කි‍්‍රයාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

