
(නිමල් ජයරත්න)
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ඇතුලු වී මසුන් ඇල්ලූ බව කියන පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පහලොස් දෙනෙකු අද සවස 6 ට පමණ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජිවි වැටලිම් ඒකකය පවසයි.
පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කීර්ති චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් මත පොලොන්නරුව,සෝමාවතිය ,මනම්පිටිය යන වනජීවී කාර්යාලවල නිලධාරින් මෙම වැටලීම සිදුකර ඇත.
ඒ සදහා අරලගංවිල විශේෂ කාර්‍ය බලකායේ සහයද හිමි වු බව වැටලිමට එක්වු වනජීවි නිලධාරිහු පැවසුහ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත නිදහස් කර ඇති අතර ඉදිරි දිනකදි අධිකරණ ක්‍රියා මාර්ග සදහා යොමු කිරිමට නියමිත බව පොලොන්නරුව වනජිවි අඩවි සහකාර එස්.ඒ.වික්‍රමරත්න මහතා කිය.


