සෝභිත හිමි උපහාරයට මහා පිරිසක්


ශ්‍රී ලාංකාවේ ප්‍රවීන ධර්ම දේශකයන් වහන්සේ නමක වන කෝට්ටේ ශ්‍රීනාග විහාරාධිපති මාදොළුවාවේ සෝභිත හිමියන්ගේ 70 වැනි උපන් දින උපහාර උළෙල උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහානාහිමයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශලාවේ දි අද පැවැත්විණි. රජයේ මැති ඇමැතිවරු ද හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ද පැමිණ සිටි අය අතර වූහ. සෝභිත හිමියෝ මහින්ද රාජපක්ෂ ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් සරත් පොන්සේකාගේ විශ්‍රාම වැටුප හා ජනරාල් තනතුර ඇතුළු වරප්‍රසාද සහිතව පූර්ණ නිදහස දෙන්නැයි ඉල්ලා සිටියහ. ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගණවර්ධන මහත්වරුනට හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මුණ ගැනීමට අවස්ථාව ලැබිණි. උත්සවයට ආ මහා සංඝරත්න ගිහි පැවිදි ආරාධිත අමුත්තෝ දිනේෂ, බන්දුල පොන්සේකා හමුව