සොර සල්ලි සමග හොර කච්චේරියක් අල්ලයි


රුපියල් පන් දහසේ හා දහසේ හොර නෝට්ටු, හොර පාස්පෝට්, රියැදුරු බලපත් හා සහතික තොගයක් සමග මහනුවර කිරිබත්කුඹුරේදී දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය කියයි.
යුද හමුදාවේ හිටපු සෙබළෙක් ද, පරිගණක ශිල්පියෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
හොර සල්ලි මාරු කැර ගත හැකි වූයේ නම් ලක්ෂ දෙක හමාරක හොඳ සල්ලි උපයා ගත හැකිව තිබිණැයි පොලිසිය කියයි. පන්දහසේ නෝට්ටු 18ක් ද, දහසේ නෝට්ට්‍ර 170ක් ද,  ව්‍යාජ හැඳුණුම්පත් 4ක් ද තිබූ බව පොලිසිය කියයි.