සොඳුරු දඩබිම අඳුරුවේ
සොඳුරු දඩබිම චිත්‍රපටය ඊ.ඒ.පී. චිත්‍රපට සමාගමට රුපියල් ලක්ෂයකට විකුණා තිබිය දී තිස්ස නාගොඩවිතානට ද රුපියල් තුන් ලක්ෂයකට විකිණීමෙන් වංචාවක් කළැයි එහි නිෂ්පාදක ඩබ්ලිව්.ඒ.එස්.කේ. සමරවික්‍රම වරද පිළිගත්තේය. එම මුදල කොටස් වශයෙන් ගෙවීමට ද බාර ගත්තේය. ඔහුගේ ඇඟිලි සලකුණු ගන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නඩුව ලබන 23 වැනි දාට කල් තිබිණි.

