සේවිකාවනුත් නෑ. සල්ලිත් නෑ


අරාබි කතා කරන ගෘහ සේවිකාවන් දෙදෙනකු සොයා දෙන බව කියා සෞදි අරාබි ජාතිකයකුගෙන් ඇමෙරිකා ඩොලර් 2000 ක් (රුපියල් 260,000)වංචා කළැයි කියන කොළඹ කොටහේනේ කේ.ජී. පි‍්‍රයන්ත නම් පුද්ගලයකු රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. සෞදි ජාතිකයා සමග ඔහු දින 10ක් ම කොළඹ හිල්ටන් හෝටලයේ නතර වී සිටි බවත් සේවිකාවන් දෙදෙනා සොයා නොදුත් බවත් උසාවියේදී කියැවිණි.