සේවයෙන් ඉවත් කළා යැයි පතළ පතුළේ උපවාසයක්


(මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ)


මීගහතැන්න නාවලකන්ද ප්‍රදේශයේ පවත්වා ගෙන යන මිනිරන් පතලක සේවකයන් දෙදෙනෙකු තමන්ව  අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීමට  එරෙහිව  ඉකුත්   දින රාත්‍රි සිට එම පතලේ අඩි  80 ක් පමණ  ගැඹුරු ලිඳක් තුළ  උපවාසයක නිරතව සිටිති.  

නිලූෂ  කුමාර  හා ආර් එල්  ජයතිස්ස නම්  බෝගල පදිංචි  දෙදෙනෙකු මෙසේ  උපවාසයේ යෙදී  ඇත.


එම්. ආර්. එල්. ග්‍රැපයිට් නම් වු ඕස්ට්‍රේලියානු සමාගමකට  අයත් මෙම මිනිරන් පතලේ සේවකයන්  30 ක්  පමණ  සිටින අතර මෙයට දීන කීපයකට  එම සේවකයන්  සිය බෝනස් මුදල්  ඉල්ලා  වැඩ වර්ජනයක් කර ඇත. එම ගැටළුව දර දිග යෑමේ ප්‍රතිඵලයක් ලෙස තමන් ව අසාධාරණ ලෙස කිසිම  ලිඛිත  දැනුම් දීමකින්  තොරව සේවයෙන් පහකළ බව උපවාසයේ නිරත දෙදනා පවසති.


සිද්ධිය  සමථයකට පත් කිරීමට  මීගහතැන්න පොලිස් නිලධාරීන්  හා අදාල  ආයතනයේ නිලධාරීන්  සාකච්ඡා  පවත්වති



පොලිසිය  උපවාසයේ නිරත වූ  අය සමග සාකච්ඡා කරන අයුරු හා එම පතලේ ඉදිරි පෙනුම