සේවය හැරගිය සිවිල් ආරක්ෂක භටයන්ටත් පොදු සමාකාලයක්


(ඉන්දිකා රාමනායක)
  
විවිධ හේතු මත සේවය හැරගිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන්ට ජනාධිපති පොදු සමාව යටතේ  නැවත සේවයට එක්වීම සඳහා 2020 පෙබරවාරි මස 20 දින දක්වා  පොදු සමා කාලයක්  ප‍්‍රකාශයට පත්කර  ඇති බව  එම දෙපාර්තමේන්තුව කියයි.
 
ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත,   ආරක්ෂක ලේකම්  මේජර්  ජනරාල් (විශ‍්‍රාමික)  කමල් ගුණරත්න මහතා විසින් මෙම නව වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට  උපදෙස් ලබා දී ඇති බවද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව  සදහන් කරයි.
 
සිවිල් ආරක්ෂක  බලකා  ඉතිහාසයේ මුල්වරට  සේවය හැරගිය අය වෙනුවෙන් මෙම පොදු සමාකාලය ප‍්‍රකාශ  ඇති බවද   එම දෙපාර්තමේන්තුව කියයි.
 
මෙම පොදු සමාකාලය  තුලදී සිවිල් ආරක්ෂක බලකාය හැරගිය  සමාජික සමාජිකයාවන් නැවත බලකායට බඳවා ගැනීමට කටයුතු යොදා ඇති අතර   ඒ සදහා වු අයදුම්පත  www.csd.lk යන සිවිල් ආරක්ෂක  දෙපාර්තමේන්තු වෙඞ් අඩවියෙන් ලබාගත හැක.
 
එය අයදුම්පත සම්පුර්ණ කර 2020.2.20 දිනය ප‍්‍රථම   සිවිල් ආරක්ෂක බලකා මුලස්ථානය වෙත බාර දීමට කටයුතු කරන ලෙසට  දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.