සේවක සල්ලි කෝටි 122කට ‘චිට්‘
පෞද්ගලික හා රජයේ සංස්ථා ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන රැසක් රුපියල් කෝටි 122ක් කම්කරු දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇත. සේවක අර්ථ සාධක අරමුදල්, අය වැය සහන දීමනා, කාර්මික අරමුදල් ගෙවීම්, පාරිතෝෂික දීමනා ආදිය මෙතෙක් ගෙවා නැත. පාරිතෝෂික දීමනා නොගෙවූ 2383 දෙනකුට නඩු පවරා ඇත. පෞද්ගලික අංශයේ ආයතන 943කට නඩු පවරා ඇත්තේ සේවක අර්ථ සාධක අරමුදලට නොගෙවූ රුපියල් කෝටි 65ක් අය කැර ගැනීම සඳහාය.

