මරදානේ සංඝරාජ මාවතේ ඉන්ධන අලෙවි හලේ සේප්පුව හොරෙන් ඇර රුපියල් 485000ක් සොරකම් කළැයි එහි සේවකයකු සහා සේවිකාවක අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි. කළුතර නෑබොඩ සැකකාරියගේ ඥාතියකුගේ නිවසකින් රුපියල් 455.000 සොයාගත් බව ද පොලිසිය කියයි. සේප්පුවේ යතුර ඉන්ධන හල්හිමිකරුට අමතකවීමකින් කාර්යාලයයේ තබා ගිය අවස්ථාවක මේ සොරකම කර ඇත.