නාවුල යොවුන් සේනාංකය අසල දී සරොම්, කමිස සහ සාරි බෙදා දීමේ වැඩසටහනක ඇති වූ තෙරපීමකින් තුවාල ලැබූ වැඩිහිටියන් හය දෙනකු රොහල් ගත කළ බව මාතලේ දිස්ත්‍රික් වැඩිහිටි සංවිධානයේ නිලධාරියෙක් පැවසීය.
නියෝජ්‍ය ඇමැතිවරයකු විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන නාවුල පිට්ටනියේ දී පැවැත්වීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරණ සමයේ මෙවැනි බෙදාදීම් සිදු කළ නොහැකි බව කියමින් මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා එය වැළැක්වීය.
ඉන් පසු ඇඳුම් කට්ටල විසි දහසක් බෙදා දීමේ එම වැඩසටහන නාවුල පිට්ටනියේ නොතියා යොවුන් සේනාංකය අසල පැවැත්විණි.
කැෆේ සංවිධානයේ මෙහෙයවීමෙන් පැමිණ සිටින ජාත්‍යන්තර මැතිවරණ නීරීක්ෂණ කණ්ඩායමක් ද මෙම වැඩසටහන ගැන විමර්ශනයක් කර ඇත.

