සෙලාන් බැංකු සභාපති උසාවි ගෙන්වයි
නාවල තැන්පත්කාරියකගේ මුදල් වංචා කළැයි කැර ඇති පැමිණිල්ලක් අනුව සෙලාන් බැංකු සභාපති මොහාන් පිරිස්ට හා නීති අංශයේ රෝහණ මුහන්දිරම්ට උසාවියේ පෙනී සිටින්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය.
1995දී ඇමෙරිකා ඩොලර් 22695ක් ද, රුපියල් ලක්‍ෂ එක හමාරක් ද තැන්පත් කළ බවත්, තමා මුදල් තැන්පත් කර නැති බව 2006දී බැංකුව පැවසුවත් බැංකු ලියැවිලි තමා ළඟ ඇතැයි නාවල ශිරාණි අනෝමා දුල්ලෑව මහත්මිය සිය පැමිණිල්ලෙන් කියා සිටින්නීය.
බැංකු වාර්තා වසර හයකට පසුව විනාශ කරන බව බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් කීවේය. වසර සියයක් ගත වුවත් විස්තර තිබිය යුතු බව මහේස්ත‍්‍රාත්වරයා පැවැසීය.

