සෙල්ෆි ගන්න ගිය අයියා මලෝ දුම්රියට බිලි


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 
 
දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ගිය බව කියන එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අද  සවස ගාල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී මියගිය බව කොල්ලූපිටිය පොලීසිය පවසයි.
 
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර නව නගරයේ පදිංචිව සිටි ශෂී මධුෂාන් රණවීර (24) සහ තිලක් ලක්ෂාන් රණවීර (12) නැමති සහෝදරයින් දෙදෙනෙකි.
 
ශෂී මධුෂාන් නැමති තරුණයා සිංගප්පූරුවේ රැකියාවක් කර අද කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණ ඇති අතර ඔහු කැ`දවාගෙන යෑමට මව,  පියා, සහ මියගිය ලක්ෂාන් ඇතුළු පවුලේ අය වෑන් රථයකින් අනුරාධපුරයේ සිට පැමිණ ඇත.
 
අනුරාධපුරය බලායෑමට ප්‍රථම ඔවුන් ගෝල්ෆේස් පිට්ටනියට පැමිණ පසුව කොල්ලූපිටිය මුහුදු මාවතට පැමිණ ඇතැයි පොලීසිය කියයි.