සෙබළාට පහර දී ගිනි අවිය පැහැරගත් සගයා අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)
  
වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබළෙකුගේ ගෙල තුවාල කර ගිනිඅවිය පැහැරගෙන ගිය සැකකරු කැකිරාව ප්‍රදේශයේදී  අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෝගස්වැව පොලීසිය කියයි.
 
සැකකරුද එම හමුදා කඳවුරේම සේවය කරන සෙබළෙකු බවත් තුවාල ලැබූ සෙබළාගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ පරීක්ෂණ සිදු කළ පොලීසිය මෙම සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවය ගෙන ඇත.
 
බෝගස්වැව යුද හමුදා කඳවුරේ මුරපොළක තවත් සෙබලුන් තිදෙනෙකු සමඟ සේවය  කර  සේවා මුරය අවසන් වී මුරපොළෙ සිට ගිනි අවිය භාර දීමට යුද හමුදා කඳවුර දක්වා ගමන් කරමින් සිටින අතර තුරදී අද (25) පහරදීම සිදුව තිබිණි.
 
පහරදීමෙන් අනතුරුව ගිනිඅවිය සමඟ සැකකරු තුවාල ලැබූ සෙබළාගේ ජංගම දුරකතනයද රැගෙන ගොස් තිබේ.

 ඒ අනුව පරීක්ෂණ සිදු කරද්දී  ඊට පෙරදින යුද හමුදා කඳවුරේ සෙබලෙකු නිවාඩු අනුමත වී කඳවුරෙන් නිකම කැකිරාව ප්‍රදේශයට ගොස් ඇති අතර තුවාල සිදු වූ සෙබලාගේ දුරකතනය අද පොලීසිය විසින් සන්නිවේදන දත්ත පරික්ෂා කිරීමේදී දුරකතනය කැකිරාව ප්‍රදේශයේ ඇති බව පෙන්නුම් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයට  පරීක්ෂණ සිදු කර  සැකකාර සෙබළාගේ  නිවසේ තිබු  ගිනි අවිය සමඟ හමුදා සෙබළා  අත්අඩංගුවට ගෙන ඇත.
 
 ගෙළ කැපීමෙන් බරපතල තුවාල ලැබූ සාමාන්‍ය සෙබළ ඩී.එම්.ජී.එස්.රත්නායක නැමත්තා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට රැගෙන ඒමෙන් පසුව අනුරාධපුර යුද හමුදා රෝහලට රැගෙන ගොස් එහි ප්‍රතාකාර ලබන බව  බෝගස්වැව පොලීසිය වැඩි දුරටත් පැවසීය.