සෙබළයි පීසීයි උඩු මහලෙන් බිමට


දෙහිවල ගාලූ පාරේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක සෝදිසියකට ගිය කොස්තාපල්වරයකු සහ හමුදා භටයකු එහි තෙවැනි මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දෙහිවල පොලිසිය කියයි. තවත් හමුදා භටයින් දෙදෙනකු ද මේ සෝදිසියට ගොස් ඇති අතර ඔවුන් පොලිසියට කියා ඇත්තේ සෙබළා සහ කොස්තාපල්වරයා පය ලිස්සා බිමට වැටුණු බවයි.