සෙනෙහසක මහිමය By None // 2012 දෙසැ 12 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය උත්කර්ෂවත් නත්තල් උත්සවයක් සැමරුවේය. හය වැනි වාට්ටුවේ පැවැති මෙය ප‍්‍රාසාංගික අංග රැසකින් සමන්විත විය. ඥාති හිතවතුන්ගේ සබඳතාවලින් වසර ගණනාවක් සිට ඈත්වී නේවාසිකව මෙහි රැඳී සිටින්නියන් වෙනුවෙන් මෙම ප‍්‍රසංගය සුදානම් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළේය. යුදහමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මංජුලිකා ජයසූරිය මහත්මිය සහ සම්බන්ධිකරණ නිලධාරිණි ඉන්දු සෙනවිරත්න මහත්මිය ඇතුළු ප‍්‍රධාන ආරාධිතයින් රැසක් එක්වූ මෙහිදී මරදාන යුද හමුදා කඳවුරේ පිරිස විසින් නේවාසික රෝගීන් වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමූ අතර ඔවුන්ගේ රස වින්දනය උදෙසා සේවාවනිතා ඒකකයේ වාද්‍ය වෘන්දය සවස් කාලයේ සංගීත සන්ධ්‍යාවක්ද සුදානම් කළේය. රෝහල් අධ්‍යක්‍ෂ ජයාන් මෙන්ඩිස් මහතාගේ උපදෙස් පරිදි ප‍්‍රධාන හෙද පාලිකා හේමා බාලසුරිය මහත්මිය සහ ප‍්‍රධාන හෙද නිලධාරිනි ප‍්‍රමිලා ශ්‍රී කාන්ති මහත්මියගේ උපදෙස් මත රෝහල් කාර්ය මණ්ඩලය කටයුත්ත සංවිධානය කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත