සෙට්ටිකුලම පොලීසිය මහා පිංකමක් කරයි


වව්නියාව සෙට්ටිකුලම ග්‍රාම සේවා වසම් 28ක අසරණයන් 400 දෙනෙකු සෙට්ටිකුලම පොලීසියට කැදවා ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමට සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පී ඩී එස් ආර් සංජීව මහතා ප්‍රධාන පොලිස් නිලධරයෝ සමත් වූහ. ජීව දානය නමින් හැඳින්වූ මේ සංග්‍රහයට සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියෝ පැමිණ සිටියහ. මහා සංඝරත්නය ද හින්දු, ස්ලාම් පූජකවරුද ආගමික වතාවත් පවත්වා දන් දුන් අයටත් දන් පිළිගත් අයටත් ආශිර්වාද කර සෙත් පැතූහ.