සුසිල් මුණසිංහ සමුගනී


බස්නාහිර පළාත් සභාවේ ප්‍රථම මහා ඇමැති හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයකු වූ සුසිල් මුණසිංහ මහතා (82) අභවප්‍රාප්ත විය. නීතිවේදියකු වූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසියේය. 1989 දී එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කර මහ ඇමැති වූයේය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකි. කොළඹ 7 ඇල්බට් චන්ද්‍රවංකයේ 16/2, නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (1) පස්වරු 4 බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.