සුසන්තිකාට උපදේශක තනතුරක්


ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගයකදී පදක්කමක් දිනූ එකම කී‍්‍රඩිකාව වන සුසන්තිකා ජයසිංහ මහත්මියට කී‍්‍රඩා අමාත්‍යංශයේ උපදේශක තනතුරක් හිමිවී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම තනතුරට පත්කරනු ලැබ ඇති බව වාර්තාවේ.

නව තනතුරට අදාල පත්වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉකුත්දා අරලියගහ මන්දිරයේදී පිරිනමන ලද බව කී‍්‍රඩා අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ මලල කී‍්‍රඩා ක්ෂේත‍්‍රය පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විධිමත් වැඩපිලිවෙලක් ඔස්සේ මෙහෙයවීමට ඇයගේ සේවය ලබා ගැනීමට බලාපෙරොත්තු වන බව කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(*)