ඉන්දිකා රාමනායක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන වල සාමාජිකයන් කලහකාරී ලෙස හැසිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශ දේපොළවලට (සුවසිරිපායේ) රුපියල් ලක්ෂ නවයක පමන හානියක් කර ඇතැයි පොලිසිය කියයි.
ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද, ඔවුනට එරෙහිව පොදුදේපොල නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය පවසයි.

