සුවඳ ශාකයෙන් ගඳ වැඩක්


වල්ල හෙවත් ගයිරිනොප්ස් වල්ල නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන අති දුර්ලභ ශාකයක කොටස් සහ එම ශාකයේ තෙල් අඩංගු බඳුන් දෙකක් ප්‍රවාහනය කරමින් සිටි ඉන්දුනීසියානු ජාතිකයකු ඇතුළු පස් දෙනකු සැකපිට නෝර්ටන් බ්‍රිජ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජය‍කොඩි මහතා පවසයි. ලංකාවට ආවේණික මෙම ශාකය හමුවන්නේ ශ්‍රී පාද හා සිංහරාජජ වන රක්ෂිත වලින් පමණි. අධික මිලකින් යුතු සුවඳ විලවුන් නිෂ්පාදනයට මෙම ශාකයේ නිස්සාරක යොදා ගනී.