සුවඳ විළවුන් වර්ජනය ගඳ ගසයි


මොරගහහේන මිල්ලෑව සුවඳ විළවුන් කම්හලක වැඩවර්ජනය කළ සේවකයන් හා වැඩට කුළියට ගෙන ආ බව කියන සේවකයන් අතර ආරවුලක දී පොලීසිය කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාරයක් එල්ල කළේය.

කාන්තාවක හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු හය දෙනෙක් තුවාල ලබා හොරණ, පාදුක්ක හා හෝමාගම රෝහල්වලට ඇතුළු කරනු ලැබ සිටිති.

කුලී සේවකයන් රැගෙන ආ බස් රියට වර්ජකයන් ගල්මුල් ගැසීම නිසා මේ ආරවුල ඇවිලී ගියේය.

වර්ජනය කළ සේවකයෝ දස දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ.

ආයතනයේ ද සේවකයනගේ ද ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවූ බව පොලීසිය කියයි.