සුව අදියුරු එපාලූ


සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බල කරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයට අයත් රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ කොළඹ ඞීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් කළහ. 2011 වසරේදී ගෙන්වූ අත්වැසුම් වලින් රුපියල් කෝටි 100ක් වංචාකිරීම, භාවිතයට නුසුදුසු සේලයින් වයර් ඇසුරුම් එක් ලක්‍ෂ හැට දහසක් ගෙන්වා රෝගීන්ගේ භාවිතයට ලබාදීම, ලේ බැංකුව සඳහා කල් ඉකුත් වූ ප්ලස්මා පෙරණ කට්ටල ගෙන්වීම ඇතුළු දූෂණ ගණනාවකට වගකීම සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් බාරගත යුතු බවත් ඔහුට කිසිදු සේවා දිගුවක් නොදිය යුතු බවත් උද්ඝෝෂකයෝ කියති.