සුරාබදු නියාමක විහින් වළ කපා ගනී


ගංජා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 50000ක අල්ලසක් ගත් බව කියන සුරාබදු නියාමක රුවන් ඉන්ද්‍රජිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සංගප්පුලි මහතා විසින ලබන 26 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පෑලියගොඩ ව්‍යාපාරිකයකු අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට ඩී.ආර්. විජයවර්ධන මාවතේ සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.