සුමිත්ත හිමි සංඝ නායක පදවියෙන් ඉවත් කරයි.
සියම් නිකායේ අස්ගිරි පාර්ශවය ගාලූ දිසාවේ ප‍්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ගේ තනතුර අත්හිටැවූ බව අස්ගිරි ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියති.
රහස් පොලිසියේ දැනුම්දීමද, ඒ හිමියන් ගැන පුවත්පත්හි පළවූ වාර්තා ද සැලැකිල්ලට ගනිමින් උඩුගම බුද්ධරක්ඛිත අසිගිරි මහානාහිමියන් ප‍්‍රමුඛ අස්ගිරි කාරක සංඝ සභාව ඒකමතිකව මේ තීරණයට එළැඹි බව නිවේදනය කියයි.
සුමිත්ත හිමි අපරාධ රැසක් සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඞ් කරනු ලැබි සිටියි.

