සුපිරිමගේ ආදායම කෝටි 50යි
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර 27 වැනි දාට වසරකි. මෙයින් උපයා ඇති ආදායම රුපියල් කෝටි 95කි. වියදම කෝටි 45කි. රියඅනතුරු 350 විය. ඉන් තිදෙනෙක් මියගියහ. රිය අනතුරක් වූ ඒක් අයෙක් අධිවේගී මාර්ගය පාලනයට විරුද්ධව නඩුවක් පැවැරීමට යයි. මාර්ගය ප්‍රමිතියෙන් තොර බව ඔහු කියයි. මාර්ගය මැද වැටේ ලෝහ තහඩුවක් කැඩී ගියැයි කියමින් රුපියල් එක්ලක්ෂ පන්දහසක් ගෙවීමට ඔහුට සිදුවිය.

