සුපිරි මෝටර් රථ ඉසව්වේදී ඩිලන්තට විශිෂ්ට ජයක්
කොළඹ රාත‍්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරගාවලියේ පේ‍්‍රක්‍ෂකයන්ගේ වැඩි අවධානයක් දිනාගත් ඉසව්ව වන ජී.ටී 3 සහ ජී.ටී 4 මෝටර් රථ ඉසව්වේ පළමු තරගය පහසුවෙන්ම ජය ගැනීමට ඩිලන්ත මාලගමුව සමත්විය. අන්තර්ජාතික මෝටර් රථ තරග බිමේ ශ‍්‍රී ලංකාව නියෝ්ජනය කරමින් තරග වදින එකම ධාවකයා වන ඩිලන්ත, තරගය ජය ගත්තේ තරගකරුවකුට වඩා වටයක් ඉදිරියෙන්ද තබමිනි.
තරගාවලියේ එස්.එල්.එච්. 1600 සී.සී. ඉසව්ව අශාන් සිල්වා ජය ගත්තේය.
වොක්ස් වෝගන් පෝලෝ මෝටර් රථ ඉසව්වේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන තුනම දිනා ගැනීමට ඉන්දිය ධාවකයෝ සමත් වුහ. ඉන්දියානු මෝටර් රථ තරගවලදී ප‍්‍රමුඛස්ථානයක් ගන්නා මෙම ඉසව්වට සහභාගි වු ධාවකයන් 11 දෙනාගෙන් හය දෙනකුම ඉන්දිය ධාවකයෝ වුහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ මෙම ඉසව්වට සහභාගි වෙමින් 7 වැනි ස්ථානය ලැබීය.
සුපර් මෝටාර්ඞ් විවෘත යතුරු පැදි ඉසව්ව තියුණු තරගයකින් පසුව ජය ගැනීමට නෙඞ් ඩැනියල් සමත්විය. මෙරට මෝටර් ක්‍රොස් ශූරයාවන ගයාන් සදරුවන් සමග තියුණු තරගයකින් පසුව නෙඞ් ඩැනියල් තරගය ජය ගත්තේ වට හයෙන් අවසන් වටයේදී ගයාන් පසුකර යමිනි.
ඩැනියල් තරගය ආරම්භයේදී පෙරමුණ ගත් ධාවකයා වුවද ගයාන් පසුවැනි වටයේදී ඉදිරියට පැමිණියේය.
තරගාවලියේ දෙවැනි තරග ඉසව්ව ලෙස පැවැති යතුරු පැදි රේසිං සහ නවීකරණය කරන ලද සිලින්ඩර් ධාරිතාව 125 සී.සී. (2 ස්ට්‍රොක්) සහ 250 සී.සී. (4 ස්ට්‍රොක්) ඉසව්ව ජය ගැනීමට ශිරාන් බොතේජු සමත්විය.
වට පහකින් සමන්විතව පැවැති මෙම තරග ඉසව්වේ ධාවකයෝ 15 දෙනෙක් තරග කළහ. ළාබාල ජේඩන් සහ ඒරන් ගුණවර්ධන සොහොයුරන් දෙදෙනා ද තරගයට සහභාගිවීම ලොකු කුඩා කගේත් අවධානයට යොමු වූ අතර ජේඞ්න් තෙවැනි ස්ථානය ලැබීය.
තරගාවලිය ආරම්භ කරමින් අද (15) පැවැති ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව්ව ජය ගැනීමට විරේන් බොතේජු සමත් විය. තරගය වට 6 කින් පැවැත්විණ.
ජී.ටී 3 / ජී.ටී. 4 ඉසව්ව
1. ඩිලන්ත මාලගමුව
2. කත්යාමා
3. සෑන් ලොව්
එස්.එල්.එච්.1600 සී.සී. ඉසව්ව
1. අශාන් සිල්වා
2. ඩිලාන් සෙනෙවිරත්න
3. ඉම්ඩාඞ් හුසේන්
වොක්ස් වෝගන් පෝලෝ මෝටර් රථ ඉසව්ව
1. මුජල් සවාලා
2. සන්දීප් කුමාර්
3. අමායා බප්නා
සුපර් මෝටාර්ඞ් විවෘත යතුරු පැදි ඉසව්ව
1. නෙඞ් ඩැනියල්
2. ගයාන් සදරුවන්
3. සුරාජ් පෙරේරා
යතුරු පැදි රේසිං සහ නවීකරණය කරන ලද - සිලින්ඩර් ධාරිතාව 125 සී.සී. (2 ස්ට්‍රොක්) සහ 250 සී.සී. (4 ස්ට්‍රොක්) ඉසව්ව
1. ශිරාන් සැමුවල්
2. ආර්.ඒ.රනිල් කුමාර
3. ජේඞ්න් ගුණවර්ධන
ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව්ව
1. විරේන් බොතේජු
2. ක්ලෙමන්ට් සේනාරත්න
3. තරිදු ගමගේ

